කාලයෙන් පැරදුනත් සප්ත ස්වරයෙන් ලොව දිණු සටන්කාමියා ..
------------------------------ ------------------------------
1851අප්‍රෙල්
20 දින ජපානයේ Hamamatsu හිදී Torakusu Yamaha පවුලේ තුන්වැනි දරුවා ලෙස
උපත ලබනවා..මොහුගේ පියා Takanosuke මොහු Kii clan පෙළපතින් පැවත එන
සමුරායි සෙබලෙක් .ඒවගෙම පියා සතුව තාරකා විද්යාවපිළිබද හොද දැණුමක්
සතුවිය . බට හිර රටවල් වල ඇති විද්‍යාව සහ තාක්ශනික දැණුම පිළිබද ඉගෙනීම්
කල තරුණ Torakusu හට සියුම් නිර්මාණ කිරීමේ සහජ අත් හුරුවක් නිතැතින්ම
පිහිටා තිබුනා ..එවගේම කුඩා කල සිට පියාගේ අභාශයෙන් තාරකා විද්‍යාව ගැන
වගේම ආත්මාරක්ශක සටන් ක්‍රමයක් වන Kendō ශිල්පය ද මැණවින් ඉගෙන ගැනීමට හැකි
වුනා ..එපමණක් නොව මාස්ටර් Onoha Ittoryu යටතේ සටන් ශිල්පය ප්‍රගුණ කරන
ඔහු වයස අවුරුදු 16වන විට නිපුණ සටන් ශිල්පය තත්වයට පත් වෙනවා.
ඔහුට
වයස 21ක් පමණ වන විට ජපන් රජයේ දේශපාලන වෙනස් කම් නිසා Torakusu ගේ පවුලේ
උදවියට අසීරු කාලයක් උදාවෙනවා.. නව රජයට පක්ශපාතී පලකයින් විසින් Torakusu ව
සිය මවගේ ගම තුල සිරගත වනවා.. කෙසේ හො ඉන් පැන ගන්නා Torakusu ජපානයේ
Osaka වාණිජ නගරය වෙත ලගා වෙනවා..බටහිර රටවල් වලින් ආනයනය කරනු ලබන
විවිදාකාර වූ වෙළද ආයිතම් සදහා ඔසාකා නගරය ඉමහත් ප්‍රසිද්දියක් උසුලනවා..
මේ විවිදාකාර වෙළද ආයිතම් අතරින් සාක්කු ඔරලෝසුව පිළිබදව Torakusu ගේ සිත
තදින් ඇදී යනවා.සමාජයේ විවිදා කාර පුද්ගලයින් සාක්කු ඔරලෝසු භාවිතා කිරීම
විලාසිතාවක් කරගෙන ඇතිබව මේ තරුණයා දකිනවා.. මේ විලාසිතාව මගින් තමන්ගේ
ව්‍යාපාරයක් ඇරඹිය හැකි බව තරුණ Torakusu වට හා ගන්නවා.. එත් එය කොහොමද
කරන්නේ ..ඔහු සතුව කිසිදු දැණීමක් ඒගැන නැහෑ..එනිසා ඔහු කරන්නේ ඒවා
අලුත්වැඩියා කිරීමට ඉගෙන ගත හැකි වෙළඳසැලක් ඔහු සොයා ගැනීමයි. මේ සදහා ඔහු
Nagasaki නගරයේ ඇති ඔරොලෝසු නිපදවන ආයතනයක් සොයා ගන්නවා.. ඉංග්‍රීසි ජාතික
ඉංජිනේරු වරයෙකු යටතේ වසර කිහිපයක් ඉගෙන ගනිමින් Torakusu ඔරලොසු
නිපදවීමට අවශ්‍ය දැණුම ලබා ගන්නවා.. ඒ අතරේදී ඔහු වෛද්‍ය උපකරණ අළුත්
වැඩියාව ගැන සහ ව්‍යාපාර කලමණා කරනය ගැන ක් දැණුමක් ලබා ගන්නවා.
ලබාගත්
නව දැණුම කරපින්නා ගත් මේ තරුණයා නැවත ඔසාකා වෙත පිය නගනවා.. එහෙත් මේ
තරුණයා සතුව ප්‍රමාණවත් ප්රාග්ධනය ක් නැති වීම ව්‍යාපාර ඇරඹීමට භාදකයක් .
කෙසේ හො විවිදඅයගෙන් ණය ලබාගෙන ඔහු සියඅවාසනාවකට ඔහුට එම ව්‍යාපාරය
සාර්තක කරගන බැරිවෙනවා .. ණය හිමියන්ගෙන් බෙරෙන්න ඔහුට සිද්දවෙනවා ඒ
නගරයත් අත හැර ණය භිමියන්ගෙන් සැගවී යන්න ..ඔහු නගරයෙන් නගරයට වෙළෙන්දෙක්
මෙන් සැරිසරණවා.. අවසානයේදී ඔහු Hamamatsu වෙත ලගාවෙනවා ..
Hamamatsu
ඔව් මෙහිම තමා soichiro honda සිය ව්‍යාපාර ආරම්භ කල නගරය.. මේ නගරයේ
රොහලක සෙවය කරන Dr Fukushima සිය අවශ්‍යතාවෙනුවෙන් විදෙස් රටකින් ආනයනය
කල විදේශීය උපකරණ අළුත්වැඩියා කිරීමට හැකියාව ඇති නිපුණයෙකු ගේ
අවශ්‍යතාවය තදින් දැනෙන මොහොතක් .. Torakusu මෙවැනි උපකරණ සදහා ලබා ඇති
පුහුණුව හෙතුවෙන් සහ ඔහුගේ සහජ හැකියාව නිසා Dr Fukushima මහත් උත්සහයක්
දරා Torakusu එම නගරයේ රදවා ගන්නවා .. එත් ඉතිං torakusu ට යහපත් ආර්ථිකයක්
ලැබෙන්නත් එපැ යි.. Dr Fukushima සහ ඔහුගේ මිත්‍රයෙකු වන තේ වෙළෙන්දෙක්
වන Higuchi දෙදෙනා torakusu වෙත එම ප්‍රදේශයේ වැඩියා කිරිමට ඇති ඔරලොසු
සහ වෙනත් නොයෙකුත් උපකරණ Torakusu වෙත යොමු කරනවා.
16
වන සියවසේදී ජපානය වෙත පියානෝව සංක්‍රමනය වෙනවා ක්‍රිස්තියානි
මිශනාරීවරුන් සමග එහෙත් Meiji පාළන සමය වන තෙක්ම පියානොව ජපානයේදි වැඩිමනත්
ව භාවිතා වන්නේ නැහැ . 1880 පමණ දී පාසැල් අද්යාපනය සදහා බටහිර සංගීත
විශය ඇතුලත් වෙනවා.. මෙහෙතුවෙන් පියානෝව , ඔගනය ,වයලීනය වැනි බටහිර සංගීත
උපකරණ ජපන් පාසැල්වලදී භාවිතා කරන්න පටන් ගන්නවා.. කෙසේ නමුත් මෙවැනි
උපකරණ මිලෙන් ඉතා ඉහලයි..එවාගේම එවා නිතිපතා සුසරකිරීම් සහ නඩත්තුව කිරීම
මනා ලෙස කලයුතු වීම නිසා ධනවත් පාසැල් හැර ග්‍රාමීය පාසැල් වල එවැනි භාණ්ඩ
භාවිතා වන්නේ නැහෑ . කෙසේ නමුත් ඇතැම් පාසැල් භාවිතා කලේ Reed organ එකයි.
හුලං ධාරාවක් මගින් සංගීත ස්වරරටා මවන සංගීත භාණ්ඩයකි. හරියට අපි දන්න
මෙලොඩිකා ව හා සමානයි. .
Hamamatsu හි එක් ප්‍රාථමික පාසැලක දිනපොතේ එක් පිටුවක මෙලෙස සටහනක් වෙනවා ..
දිනය 13 අප්‍රෙල් 1887
අප
පාසැල විසින් මිලදීගත් Reed organ ය මේ වන විටදී පැමිණ තිබීම සතුටට
කරුණක් .. ඇමරිකාණු නිශ්පාදනයක් වන මෙය යෙන් 45 ක මිලක් වූ අතර නවපත්වීමක්
යටතේ බදවා ගත් ගුරුවරයකු එහි ඉගැන්වීම් කටයුතු කරණු ඇත .
මාසිකව
යෙන් 5ක වැටුපක් ඇයට ගෙවනු ඇත . පසැල් විදුහල් පතිතුමා විසින් මෙම අගනා
උපකරණයේ ආරක්ශාව පිළිබදව සාකච්චා කිරීමට විශේශ රැස්වීමක් කැදවා ඇති අතර
ඔහුගේ අනුමැතියකින් තොරව කිසිවෙකු මෙම උපකරණය අතින්වත් නොඇල්ලිය යුතුය .
ඉතිං
මෙහෙම අනපනත් දාල පරිස්සම් කරන මේ සංගීතභණ්ඩය මාස තුනකට විතර පස්සෙ
ව්‍යවසනයකට ලක්වෙනව..ඒක Torakusu ගේ ජීවන ගමනේ වැදගත් මංසන්දියක් කිවුවොත්
නිවැරදියි.. මොකක්ද මේ ව්‍යවසනය ..මුකුත් නොවෙයි ඔගනයේ ස්වර යතුරු දෙක
තුන්ක් ක්‍රියවිරහිත වීම .. නමුත් පාසැලේ විදුහල්ප්ති තුමා ඇතුලු සියලු
දෙනා මෙකෙන් මහත් කම්පවකට පත් වෙනවා..මොකද මෙවැනි බටහිර උපකරණ අලුත්වැඩියා
කාර්මිකයින් ඒ අවටින් සොයාගැනීම ඉතාම දුෂ්කර ක්‍රියාවක්.. එනිසා ඔවුන්ට
තිබෙන එකම විකල්පය තමයි ඔගනය මිලදීගත් යොකොහමා වෙත එය නැවත පිටත් කිරීම
.ඇත්තෙන්ම එය ඔවුනට දැරිය නොහැකි වියදමක්.. ඉතිං අපි මොකද කරන්නේ ?සියලු
දෙනා කල්පනා කරනවා කලහැකි විකල්පය ...
ඇයි
අපි රොහලේ උපකරණ හදන Torakusu වෙත මේ වගකීම බාර නොදෙන්නේ ? ඔහු සියුම්
උපකරණ සදහා සැබෑ දක්ශයෙක් .. ඒ පිරිසෙන් එක් අයෙකු අන් අයගෙන් ප්‍රශ්න
කරනවා.. සැබෑමයි. ඔහු සතුව නොයෙකුත් බටහිර උපකරණ සෑදීමේ කුසලතාවයක් පවතිනවා
ඉතිං අපි ඔහුගෙන් උදවු ලබා ගනිමු ...
ඒ
අනුව එක් හිමිදිරි උදෑසනක ඔගනය සමග එය බාරව කටයුතුකරන ගුරුවරයා වන
Yamada Kunita , Torakusu yamaha ඉදිරියේ පෙනී සිටිනවා..ඔබට හැකිවේද මෙය
අලුත් වඩියා කිරීමට .. ගුරුවරයා වික්ශිප්ත වී සිටින Torakusu yamaha ගෙන්
විමසනවා.. ඇත්තෙන්ම මා මින් පෙර කවදාවත් මෙවැන්නක් දැක නෑ .. සංගීතය ගැ
මගේ දැනුම අල්පයි.. Yamada විසින් එම උපකරණය පිළිබද හැදින් වීමක් කරන
අතර එහි භාවිතා කරීම පිළිබදව torakusu හට දැණුමද ලබා දෙනවා.. ඇත්තෙන්ම මෙය
මනස්කාන්ත නිර්මාණයක් ..මා කෙසේ හො මෙය ඔබට නිවරදි කර දෙන්නම් ගුරුවරයාට
පැවසූ torakusu එය පරික්ශා කිරීම අරඹනවා .. මෙහිදී ස්වර්ණාභරන නිර්මාණ
කරුවෙකු වූ Kawai Kisaburô, ද Torakusu හට සහය වනවා ..අවසානයේදී
ඔවුන්දෙදෙනා එහි පවතින දෝශය ඉතාම පහසුවෙන් හදුනාගෙන එය යතා තත්වයට
පමුණවනවා.. එහෙත් Torakusu ගේ හිත තදින්ම එයට බැදී අවසන් ..එම නිර්මාණය
ඉතාම සරල නිර්මාණයක් ලෙස ඔහු අවබොධ කරගන්නවා ..
යෙන්
45 ක මුදලක් ? Torakusu දිගින් දිගටම මේ ගැන හිතනවා .. පාසැල් වල බටහිර
සංගීතය ඉගැන්වීමට මෙය අත්‍යාවශ්‍ය දෙයක්...එත් යෙන් 45 ක් යනු ඉහල
මිලක්.. ඇත්තෙන්ම මෙය සෑම පාසැලකට දැරිය නොහැකි තරම් මිලක්.. ඔහු තම
ස්වර්ණාභරන මිතුරා සමග සාකච්චා කරනවා.. ඇත්තෙන්ම මෙය ඉතාම හොද ව්‍යාපාරයක්
වනවා නොඅනුමාණයි.. ඔවු මට එය ඉතාම අඩු මුදලක් වූ යෙන් තුනක මුදලකට
නිර්මාණය කලහැකි බව හොදින්ම විශ්වාසයි.. එවැනි දැරිය හැකි මුදලක් සදහා
ඕනෑම පාසැලක් එය මිලදී ගන්නවා නිසැකයි.. දෙදෙනාගේ කතිකාවතින් පසු
ඇමරිකාවෙන් ආනයනය කරනු ලබන ඔගනය වෙනුවට තමන් විසින් නිපදවනු ලබන ඕගනය කදිම
විසදුමක් සහ හොද ආයොජනයක් බව ඔවුන් තීරණය කරනු ලබනවා .. ඔව් අපි මෙය
හදමු... එහෙත් ගැටළුව වන්නේ එහිසැලසුම් කෙසේවන්නේද ? නැවත වතාවක් ඔවුන්
දෙදෙනා තැගි බොග සමගින් පාසැලේ සංගීත ගුරුවරයා මුණ ගැසී ඔගනය පරික්ශා
කර එහි පිටපත් සැලසුම් කිරීමට අවසර දෙනලෙස ඉල්ලා සිටිනවා .. අවසානයේ
අකමැත්තෙන් උනත් Yamada Kunita ට සිද්ද වෙනවා ඔවුන් දෙදෙනාට අවස්ථාව ලබා
දෙන්න ..ඒ අනුව සියළු කොටස් වල සැලසුම් ඔවුන් ඉතා සුපරික්ශාකාරිව පිටපත්
30 කට සටහන් කර ගන්නවා.. ඒත් ඉතිං මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගන්නත්
Torakusu ලග මුදල් නෑ ..එනිසා ඒකට උදවු කරන්නේ Kisaburō සහ රොහලේ අද්යක්ශක
තුමා ඇතුළුපිරිස . කොහොම හරි ඉතිං Torakusu යි එයාගේ මිත්‍ර Yamada එක්ක
මාස දෙකක් විතර කාලයක් ගියහම ඔන්න අර වගේම ඔගන් එකක් හදනවා.. ස්වර යතුරු
39 ක් මේ ඔගන් එකට තියෙනවා .. මෙකේ ස්වර ටික හරියට සුසර කරන්න උදවු කරන්නේ
Yakichi නැමැති මාළු කඩයක හිමිකරුවෙක්..මොකද මෙයා විනොදාංශයක් විදියට
Yakichin නැමැති වාදන භාණ්ඩය වාදනය කරනකෙනෙක්.. කොහොම උනත් නිපදවපු
සංගීත භාන්ඩය ගැන සංගීත ගුරුවරයාට සැහීමකටපත්වෙන්න බෑ .. එනිසා එයා
Torakusu ට උපදෙස් දෙනවා ටොකියො නුවර ඇති සංගීත විශ්වවිද්‍යාලයට මේක
ඉදිරි පත් කරන්න .. . එඅනුව Torakusu සහ ඔහුගේ මිත්‍ර Kawai Kisaburô
සමග තම ඔගනය රැගෙන tokyo නගරයවෙත පිටත් වෙනවා..
සංගීත
විශ්වවිද්‍යලයේදී. එහි ප්‍රදාන ආචාර්ය Izawa Shūji මහතා විසින් Torakusu
ගෙ ඔගනය පරික්ශා කිරීමෙන් අනතුරුව එහි බොහොමයක් අඩු පාඩු ඇතිබව පෙන්වා
දෙනවා..එහි ස්වර නියමිත ලෙසින් නොමැති බව Torakusu එහිදී අවබොද කරගන්නවා.
ප්‍රධාන ආචාර්ය වරයා Torakusu හට එම විශ්වවිද්‍යාලයෙදී සංගීතස්වර සහ
භාණ්ඩ සුසර කිරීම පිළිබදව හැදෑරීමට අවස්ථාවක් ලබා දෙනවා. මාස කිහිපයකින්
පසුව නැවත වරක් Torakusu විසින් හොදින් ස්වර සුසර කිරීමක් ඇති සිය දෙවන
ඔගනය නිර්මානය කරනවා. එය නැවත වරක් ප්‍රධාන ආචාර්ය වරයා පරික්ශා කිරීමෙන්
පසුව ඔහු මෙහෙම කියනවා
"පෙර
තිබූ අඩු පාඩු සියල්ල දැං අවසන් ..නිවැරදි ස්වර රටා පිහිටලා තියෙනව
ඇත්තෙන්ම මෙය ඇමරිකාවෙන් ආනයනය කරන ඕගනයෙ තත්වය සමග හොදින්ම පවතිනවා මෙය
සාර්ථකයි"මේ වදන් සමග Torakusu ගේ ඇසින් සතුටු කදුළු හැලෙනවා ඔහුට ඉමහත්
ප්‍රීතියක් ඇතිවෙනවා.. එය ජපානයේදී උපත ලැබු ප්‍රථම ඔගනය ලෙස ඉතිහාස ගත
වෙනවා... Yamaha සංගීත භණ්ඩයේ උපත එලෙස සිදුවිය .. පසු කාලිනව ජපන් රජයේ
අද්යාපන අමාත්‍යාංශයේ අනුග්‍රහය මත ඇමරිකාවේ සංචාරයක නියුතු වන Torakusu
එහිදී පියානො නිශ්පාදකයින් සියයකට ආසන්න සංක්‍යාවක නිශ්පාදන තත්ව සහ
තාක්ශනය පිළිබදව හැදෑරිමක් කරනවා ..එයින් පසුව
1900දී
පියානොවක් නිපදවීමට ඔහුට හැකිවනවා .. ඔහු විසින් ඔගන් නිශ්පාදන කරන ලද
කර්මාන්ත ශාලාව මුලින්ම පිහිට වූයේ 1887 දී Naruko-cho පිහිටි කුඩා පංසලක
මුළුතැන් ගෙය තුලදී උනත් පසු කාලිනව ඔහුගේ කර්මාන්ත ශාලාව Nippon Gakki
Co. Ltd. සමාගමක් ලෙසින් ලියාපදිංචිය ලබනවා..
නොයෙකුත්
වෙන්ස් කම් වලට ලක්වෙමින් භාදක බොහොමයක් අසීරුවෙන් ජයගනිමින් කාලය ගෙවී
යනවා. සමාගමේ නිර්මාතෘ හෙවත් අපේ කථා නායක තුමාවෙන Torakusu Yamaha අවුරුදු
65 ක් ආයු වළදා අභාවයට යනවා 1916 දී..
එතොකොට
.. Yamaha මොටර් සයිකලේ හැදුවේ එයා නොවෙයිද? ඔව් නිසැකවම Yamaha යතුරු
පැදියේ නිර්මාණය ඔහු ගේ අදහසක් නොවේ...අපි දැං ඒගැන හොයලා බලමු ..
පළමු
ලෝක සංග්‍රාමය අතරේදී අභාවයට පත්වෙන Torakusu Yamaha ගේ පුරප්පඩුවට ඊලගට
පත්වන්නේ Chiyomaru Amano ඒ 1917දි.. යුද්දයෙන් පසුව ඔවුන්ගේ ආදායම දෙගුණ
වනවා ..නමුත් අවාසනාවකට 1922 දී ඔවුන්ගේ ප්‍රධාන කර්මාන්ත ශාලාවන්දෙකක්
ගිණිගැනිමක් නිසා විනාශ වනවා ..ඊලග වසරේදී සිදුවන භූමීකම්පාවක් නිසා
ටොකියො හි පිහිටි ප්‍රදාන කාර්යාල සංකීර්නය සහ තවත් කර්මාන්ත ශාලාවක්
විනාශ වනවා..ඒ අතරම කම්කරු වෘර්තීය අරගලයක්...තත්වය මෙහෙම වෙන කොට 1927 දී
සෙසු අඩ්යක්ශක මණ්ඩලය විසින් Kaichi Kawakami මහතාව ප්රධාණියා ලෙස පත්
කරනවා ..ඔහු Sumitomo වයර් සමාගමේද අඩ්යක්ශක වරයෙක් .. ඔහු නැවත සමාගම
යහපත් තත්වයක් දක්වා ගොඩ නගනවා.. මීලගට ප්රධාණියා වන්නේඔහුගේ පුත්
Gen'ichi Kawakami, ඒ 1950 දී.ඒ වන විට ඔහුට වයස 38 යි.
මේ
වන විට Nippon Gakki Co. Ltd සමාගම සතුව ලෝහ තාක්ශනය ගැන හොද පළපුරුද්දක්
තියෙනවා ..ලොහ වලින් සෑදූ පියානො සෑදීමට අමතරව ගුවන් යානා වල කොටස් ඔවුන්ගේ
කර්මාන්ත ශාලවල නිපදවීම එයට හෙතුවයි.. Gen'ichi Kawakami විසින් On
November 7, 1953 ඉතා වැදගත් තිරණයක් ගන්නවා.. සිය ආයතනයේ අඩ්යක්ශක
මණ්ඩලයට පවසනවා යතුරු පැදියක නිර්මාණයක් සිදු කලයුතු බව ..නමුත් ඔවුන්
සතුව කිසිදු දැණුමක් නැහෑ යතුරු පැදි නිර්මාණය ගැන .නමුත් ලෝහ තාක්ශණය
ඔවුන් සතුයි. 1950 වසර වන විට ජපානය තුල යතුරු පැදී නිපදවන සමාගම් 200 ක්
පමණ තිබීම තුල ඔවුන් කෙසේ නම් ජය ගන්නේද ? සෙසු අද්යක්ශක වරුන් ඒගැන පැවසූ
විට Gen'ichi Kawakami ගේ අදහස වූයේ ..අප ගේ නිපැයුම ලොව ඉහලම
ප්‍රමිතියෙන් හැදුවොත් සෙසු නිශ්පාදකයින් අපට තරගයක් නොවේවී.
මේ අනුව 1954 දී යතුරු පැදියක මූලික ආකෘතියක් නිර්මාණය වනවා ..
කෙසේ
හො අවසානයේ 1955 දී ඔවුන් විසින් අතිසාර්ථකව 125cc දාරිතාවක් ඇති තනි
සිලින්ඩරයකින් යුතු යතුරුපැදියක් නිර්මාණය වනවා එය Yamaha YA-1. මේ යතුරු
පැදිය සාර්තකව වෙළද පල ඉලක්ක ජය ගැනීම නිසා ඔවුන් මොටර් රථ සහ යතුරු පැදි
සදහා වෙනමම සමාගමක් ස්ථාපිතකරනවා එය Yamaha Motor Co., Ltd . 1960 වන
විට් ඔවුන් බෝට්ටු එන්ජින් නිපදවීම ආරම්භකරනවා..
හොදයි
දැං ඔයාලාදැනගත්තා Yamaha බයිසිකල් ඉතිහාසය .. හැබැයි Torakusu Yamaha
නම් කවදාවත් හිතන්නනැතුව ඇති එයාගේ නමින් අධිවේගී යතුරු පැදීලොව ජය ගනී
කියලා.Gen'ichi Kawakam විසින් සමාගමේ මුලාරම්භක පුද්ගලයාට දියයුතු
ගවුරවයක් ලෙසයි එයාලගේ සියළුනිපදවීම් Yamaha නමින් නම් කරන්නේ ..
No comments:
Post a Comment