කට්ටිය ගෙ ඉල්ලීමක් තිබ්බ වාහන හෝ අමතර කොටස් පිටරටින් ගේන්නෙ කොහොමද කියල.
එක
අතකින් ඇඩ්මින් හිරාන් චමින්ද වගේ අය තමන්ගේ වෘත්තිය ගරුත්වයත් පැත්තක්
තියලා සමහර දේවල් මේකේ දැනුවත් වීම සදහා දෙනකොට මමත් කල්පනා කලා ලියන්න
ප්‍රසිද්ධියේ කියන්න බැරි ගොඩක් දේවල් ආනයනය අපනයන ක්‍රියාවලිය එක්ක බැදිලා තියෙන නිසා ෆේක් එකකින් කියන්න හිතුවා
ආනයනය
ක්‍රියාවලිය පොදුවේ රජය එක්ක කරන ගණුදෙනුවක් ඒ කියන්නේ විධායක බලය හැම
තිස්සෙම තියෙන්නෙ රජය පැත්තේ කියන එක අමතක නොකර වැඩේ පටන් ගන්න එක ඇගට
ගුනයි. ඇයි පොඩ්ඩ වැරදුන ගමන් දමල ගහන පොදු දේපල පනත වගේම රාජ්‍ය ආදායම සමග
කර්න ගණුදෙනුවක් නිසා ප්‍රවේශමෙන් වැඩේට බහින්න ඕනෙ
ප්‍රථමයෙන්
තමන් ආනයනය කරන්න යන්නෙ මොනවද කියන එක හරියට දැනගන්න ඕනෙ. ඒ කියන්නේ අමතර
කොටස් කියපු පලියට රේගුවෙන් වරායෙන් මුදල් අමාත්‍යාංශයෙන් පිලිගන්නේ නෑ ඒකට
තියෙනව රේගු වර්ගීකරණයක් ඒකෙ අනුව වෙනස් වෙනවා . ඊලගට බලන්න ඕනෙ ආනයන කරන
ඒව නිදහස් ආනයනයට අවසර තියෙනවද කියල. අමතර කොටස් කිව්වාම අයිති වෙන්නෙ ඇණ
මුරුච්චි වලින් ගැලවෙන කොටස් විතරයි . කට් පෝශන් එහෙමත් නැතිනම් හාෆ් කට් ,
කපාපු බද අයිති නෑ ඒව තහනම් වෙනව. නමුත් කාලයක් පරණ ව්‍යාපාරයකට කට් පෝශන්
ගේන්න අවසර ගන්න පුලුවන් ඒක ව්‍යාපාර අවශ්‍යතාව අනුව වෙනස් වෙනවා. ඒ නිසයි
අපි කවුරුත් දන්න කට් බට් පාර අයිනෙ තියල විකුනන පුලුවන්
අමතර කොටස් ඇණ බලින් ගැලවුනත් සීට් හා චැසි තහනම් වෙනවා. ඒත් අර මුල කියපු විදිහට පර්මිට් එකක් මාර්ගයෙන් ගේන්න පුලුවන්
ඊලගට
කැබින් ගැන කිව්වොත් වෙලද වාහනයක නම් දල පැටවීමේ බර ටොන් 2ට වැඩි වාහ්නයක
කැබින් පුලුවන් නිදහසේ ආනයනය කරන්න ඒ කියන්නේ ලොරි මූන වල් වලින් පටු මූණ
ඇර අනික් ඕනි මුනක් ගේන්න අවසර තියෙනව. ඩබල් කැබ් සිංගල් කැබ් වෑන් වගේ ඒව
තහනම් වෙනව සීමාසහිත වෙනව ඒ නිසා ඒ ගැන මම මෙතන කියන්නේ නෑ. ලොරි පලල් මූණූ
ඔය විදියට ගෙන්න පුලුවන්
විදේශ
වල ඉන්න ගොඩක් අය ආසයි වාහමයක් කෑලි කරලා එවන්න. එතකොට මම උඩ කියපු විදියට
ගන්න පුලුවන් බොඩි චැසි සීට් ඇර, ඇණ මුරුච්චි වලින් ගැලවෙන වෙලද වාහනයක්
නම් කැබින් , එන්ජින් , ඩිපරන්සල් , ගියර් බොක්ස් ඩෑශ් බෝඩ් හා ඇතුලත
උපාංග, දොරවල් බොනට් බෆර් , රැක්, බ්‍රේක් ඩිස්ක් ලෝවර් ආම්, ඇක්සල් වගේ
කොටස්.
ලොරියක නම් තට්ටුව විශේෂයෙන් කැරියර් තට්ටුවක් වගේ නම් විශේශ අවසරයක් මත ගේන්න පුලුවන්
ඕනෑම වාහනයක පාවිච්චි කල සෙකන්හෑන්ඩ් ටයර් ලන්කාවේ නීතියට අනුව තහනම් වෙනවා.
ඉහතින් තහනම් කිව්වට ඒක රේගු තහනමක් විතරයි එතනින් එහාට ඒව ගේන්න අවසර දෙන්නෙ ආනයන අපනයනය පාලක දෙපාර්තමේන්තුව මගින්.
ඒක
තියෙන්නෙ කොටුවේ හේමාස් බිල්ඩින් එකේ ආනයනය අපනයන පාලක නැතිනම්
කොන්ට්‍රෝලර්ට පුලුවන් ඕනෑම දෙයක් ගේන්න අවසර දෙන්න එතකොට එතනෝල් වල ඉදන්
චැසි බොඩි ඔක්කොම ගේන්න බලය දෙන්නෙ එයා. එයාගෙ බලප්‍රත්‍ර මත තමයි
ව්‍යාපාරිකයෝ උනත් ගෙන්නේ. එතනටත් ඉතින් වියදමක් කරන්න වෙනව බලපත්‍රයේ
ගාස්තුව වගේම අල්ලස් මුදලක් නැතිව නම් ඉතින් වැඩක් කරගන්න අමාරුයි .
මගේ පරමාර්ථය ලිපිය ලියන එක නිසා ආපහු මාතෘකාවට එන්නම්
ගොඩක්
වෙලාවට ආනයනය ක්‍රියාවලියේ සක්‍රීයව ඉන්නෙ ආනයනකරු. කස්ටම් එකේදී
අදුන්වන්නේ කන්සයිනී කියලා. එතකොට මේ පේජ් එකේ ඉන්න අයගෙ පරමාර්ථය බඩු ගේන
එකනම් ඔක්කොමලා කන්සයිනී ලා වෙනවා.
මීලගට බඩු අදුරගත්තට පස්සෙ ඒව ගේන මාදිලිය එහෙමත් නැතිනම් ප්‍රවාහනය කරන ආකාරය තීරණය කරන්න වෙනවා.
ඒකියන්නේ
ලාභදායී ප්‍රවාහන ක්‍රමය තමා නැව් මාර්ගයෙන් එවන එක නැව් ගත කරන්න එක්කෝ
අඩි 20ක හෝ 40 ක කන්ටේනර් එකක් ඕනි වෙනවා ඒවට කියනව ෆුල් කන්ටේනර් ලෝඩ්
එකක් කියල (FCL). කන්ටේනර් ලෝඩ් එකකට අඩුව බඩු දානවනම් ඒකට කියනව (LCL)
ලෙස් කන්ටේනර් ලෝඩ් නැතිනම ඔය රට ඉන්න අය බඩු දාන කාගෝ පෙට්ටි ක්‍රමය කියල.
එතකොට වෙන්නෙ එක කන්ටේනර් එකක් ශෙයා වෙලා කන්සයිනීලා ගොඩකගේ බඩු රේගු
බන්ධිත ගුදමක් (UPB warehouse ) වෙත එන එක
දාන
විදිහත් තීරණය කලාට පස්සෙ දාන්නෙ කාගෙ නමටද කියන ප්‍රශ්නයක් එනව. ලංකාවේ
නීට්ජිය හැටියට පුද්ගලිකව හෝ කම්පැනියක් නමට ගේන්න පුලුවන් . තමන්ටම උනත්
ග්‍රාමනිලධාරියා හමුවෙලා ප්‍රාදේශීය ලේකම් මගින් ව්‍යාපාරයක් ලියාපදිංචි
කරගන්න පුලුවන් ඒක වෙනම කරගන්න පුලුවන් නිසා මේකේ කියන එක පලක් නෑ. ඊට
පස්සෙ ව්‍යාපාර නමට ගේනවනම් පලවෙනිපාර කස්ටම් එකේ ආනයන කරුවෙක් විදියට
ලියාපදිංචි වෙන්න ඕනෙ. ඒකට කියනවා කන්සයිනී රෙජිස්ට්‍රේශන් කියල. ඒකට අදාල
ෆෝම් එක කස්ටම් වෙබ් අඩවියෙන් ගන්න පුලුවන් . ඊලගට ඒක අරන් ග්‍රාමනිලධාරියා
හමුවෙලා ඒ ලිපිනයේ ව්‍යාපාර තියෙනව කියල සහතික කරගන්න ඕනෙ. ඊලගට බැංකුවට
ගිහිල්ලා තමන්ගේ ව්‍යාපාරයේ ගිනුම් විස්තර කොටසත් පුරවලා සහතික කරගන්න
ඕනෙ.
හරියට පුරවගත්ත
කන්සයිනී ඇප්ලිකේශන් එක මීලගට රේගුවට ඉදිරිපත් කරන්න ඕනෙ. එතකොට මීට කලින්
බදු ගෙවල නැතිනම් බදු ගෙවන්නෙකු විදියට දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ
ලියාපදිංචි අංකයක් ගන්න ඕන (TIN) මොකද බඩු වල තීරු බදු වරාය බදු ඔයාගෙ
නමින් ගෙවන නිසා ඒවා වෙනම රෙකෝඩ් වෙන්න තමා ටින් අංකයක් දෙන්නෙ. දැන් නම්
ඔක්කොම ඔන්ලයින් නිසා රස්තියාදු වෙන්න ඕනි නෑ. කොහොමත් රේගුවේ කටයුතුවලදී
ර්රෙගුව එක්ක වැඩ කරන්න පළපුරුදු වාප්පු ලිපිකරුවකු අපිට හයර් එකට ගන්න
වෙනව. ඒක හරියට නඩුව කතාකරන්න ලෝයර් කෙනෙක් අල්ලනව වගේ හැබැයි ලෝටස් පාරෙන්
එකෙක් අහුලගෙන ඕව කරන්න බෑ. හොද පලපුරුද්දක් තියෙන හොද දැනීමක් තියෙන
කෙනෙක් වෙන්න ඕන. මොකද ලංකාවට එන හැම කන්ටේනර් එකකටම වර්ගීකරණයක් තියෙනව ඒ
බසු වලට කියල මම කිව්වනෙ. එතකොට අමතර කොටස් නිතර නිශ්කාශනය නොකරන වාප්පු
ලිපිකරුවන් ශන්නෙ නෑ ආහාර අල ලූණූ වල රේ නීතිය . එතකොට අල ලූණූ සීනි කරන
එකා දන්නෙ නෑ සිමෙන්ති ගොඩනැගිලි ද්‍රව්‍ය ගැන. ඒ නිසා කාගෙම් හරි අහල හොද
එකෙක් හොයාගන්න ඕන.
කන්සයිනී රෙගිස්ට්‍රේශන් එකෙව් ඉදන් හැම දෙයක්ම වාප්පු ලිපිකරුවකුට සුළු දේවල්
මීලගට
පොතේ හැටියට ඔයාල ගේන බඩු වලට ඉන්වොයිසියක් හදාගන්න ඕන. ඒක බඩු පටවන
ගොඩබාන දෙරටේම නීතියක් අනික එකම ඉන්වොයිසිය තමා රටවල් දෙකේම කස්ටම් වලට
ශිපින් ලයින් වලට යන්නේ. ඒ නිසා හරියට ඒකේ තියෙන්නෙ ඕන බඩු වල වර්ගීකරණය ,
බර ප්‍රමාණය එකක මිල හා මුලු මිල. ඒකියන්නෙ පිටරටින් බසු නිකන් ලැබුනත්
වැඩක් නෑ මිල ඉන්වොයිස් එකේ තියෙන්න ඕන.
ඊලගට ඒකේ
තියෙන්නෙ ඕන ගෙවීමේ මාදිලිය ඒ කියන්නේ කොහොමද බසු එවන්නාට සල්ලි ගෙවන්නේ
කියලා. ව්‍යවහාරයේ හැටියට LC නැතිනම් බසු ආවට පසු ගෙවල ගන්න නැතිනම ණයට ඔය
වගේ ක්‍රම රාශියක් තියෙනව තමන්ගේ බැංකුවේ නිලධාරීන්ට පුලුවන් ඒ ගැන වැඩි
විස්තර දෙන්න.
මීලගට
ඉන්වොයිසිය තියෙනව නම් පුලුවන් තමන්ටම උනත් ඩියුටි කීයක් යයිද හොයාගන්න
වාප්පු ලිපිකරුවකු ගේ උදව්වෙන් හෝ නැතිව ඕනිනම් කස්ටම් වෙබ් සයිට් එකේ
තියෙන කස්ටම් ටැරිෆ් එක අරන් පුලුවන් ඒ ගැන බලාගන්න . කොහොම මිල ඉන්වොයිස්
එකේ සදගන් උනත් ඒ මිලටම බදු හදන්නෙ නෑ. ඒකයි මම කිව්වෙ නිලන් හම්බුනත්
ඩියුටි ගෙවන්න ඔන කියලා. ඉතින් හොර පාරෙන් ෆේක් එකෙන් ඒකත් කියල දෙන්නම්.
බඩු
වර්ගීකරණයට අනුව බසුව මොකක් උනත් යකඩ හෝ ලෝහ නම් ටොන් එකක් ඩොලර් 800
වෙන්නත් ප්ලාස්ටික් නම් ඩොලර් 1200 වෙන්න ඉන්වොයිස් කල නම් හරි.
ඔන්න
ඉතින් දැන් ප්‍රශ්න කෝටියයි. මෙහෙම කියන්නම්කෝ ඩිපරන්සල් 10 ක් තියෙනව බර
ටොන් එකක් කිලෝ 1000 විතර එතකොට අපි දාන්නෙ උදාහරණයක් විදිහට ඉසුසු ගිගා
ලොරි ඩිපරන්සල් 10යි එකක් ඩොලර් 80 සම්පූර්ණ ගාන ඩොලර් 800යි ඒවගේ එකක බර
කිලෝ 100 මුළු බර ටොන් එකයි කිලෝ 1000 යි කියල. ඕනිනම්
වැඩිපුර විස්තර ඔය ඔඩිට් එකෞන්ට් කරන යාලුවෙක්ගෙන් ඇහුවොත් කියයි ඉන්වොයිස් ෆොමැට් එකයි පැකින් ලිස්ට් එකයි හදන විදිහ.
ඔය විදියට හදාගත්තාම හරි.
ඕනිනම්
කස්ටම් ටැරිෆ් එකත් මේ වෙනකොට ඩවුන්ලෝඩ් කරගන පුලුවන් උනානම් දැන්
කන්සයිනී ශන්නව ටොන් එකට ඩියුටිය කීයද කියල සමාන්‍යයෙන් ටොන් එකේ මිලෙන්
17% ඉදන් 40% විතර වෙනකන් අමතර කොටස් වලට ඩියුටිය හැදෙනව ඒ වගෙ අනුව.
ඩියුටිය
ගැන දල අදහසක් ගත්තට පස්සෙ පුලුවන් ඕනිනම් ඇත්තටම පටවන්නෙ මොනවද හලන්නෙ
මොනවද කියල කල්පනා කරන්න. දැන් ලොරි මූණූ වලට එහෙම ඩියුටි ගහන්නෙ ඒකක ගානට
ඒකියන්නෙ යුනිට් එකට ලක්ශ 2 ඒ වගේ. අනික පටවන්නන් වාලෙ පටවන්න දෙන්න එපා
කෙනෙකුට කුණු වෙන දෙයක් අපි කන්ටේනර් අස්සෙ දාගෙන පරිප්පු කන්න ඕනි නෑ ඒ
නිසා මුලින්ම කරනව නම් තහනම් දේවල් නොදා ඉන්න එක හොදයි.
දැන්
ඔක්කොම හරි නම් තියෙන්නෙ පටවන රටේ කෙනාට එයාගෙ ඉන්වොයිස් එක ඒ රටේ ශිපින්
ලයින් එකට ඉදිරිපත් කරලා කන්ටේනර් එකක් හරි පෙට්ටිය ක් හරි බුක් කරගන්න එක.
මොන රටින් ආවත් ඔය බඩු වල විශබීජ දිලීර ආසාදන, ආක්‍රමණික ශාක හා සතුන් වගේ
දේවල් තියෙන්න පුලුවන් ඒ නිසා පිරිසිදු කරල එවනව නම් කෝකටත් හොදයි.
පටවන
වැඩේ ඉතිං කන්සයිනී ට කරන්න දෙයක් නැති නිසා ඉතිං පැටෙව්වට පස්සෙ පුලුවන්
තරම් ඉක්මනින් ඒ ඉන්වොයිස් එකයි නැව් බඩු වල විස්තර තියෙන බීඑල් BL
(නෞභාරපත) ඒ රටේ චේම්බර් ඔෆ් කොමස් එකට ඉදිරිපත් කරලා සහතික කරගන්න ඕනෙ ඒක
පොඩි වැඩක් එයාල එතකොට බලන්නේ ඒක අපනයන කරන කෙනා වාහනයක් නම් කෑලි
ගැලෙව්වනම් මස් කලානම් ඒ වාහනේ ලිපි ලේඛන ඉල්ලයි ඇයි හත්වලාමේ වාහ්න හොරකම්
කරලත් එවනවනෙ. ඉතින් ඕන්න ඔය ටික ගත්තට පස්සෙ කන්ටේනර් ටැංකියක් නම්
කෝකටත් ඉන්සූරස් එකකුත් දාගෙන ලංකාවට එන දිනයත් හොයාගෙන උඩ බලන් ඉන්නයි
තියෙන්නෙ.
මීලගට තියෙන්නේ ලංකාවෙන් මුදා ගන්න එක නිසා
ඒකට ලෑස්ති වෙන්න පුලුවන් සල්ලි එහෙම හොයාගන්න පුලුවන් කන්ටේනර් එක අදින්න
ලොරි බඩු විකුනන්න බයර් ලා එහෙම කතා කරගන්න පුලුවන් .
No comments:
Post a Comment