Wednesday, October 16, 2019

ආනයනය ක්‍රියාවලිය


(මෝටර් සයිකල් CC 350 දක්වා හ කස්ටම් ටැරිෆ් එක කියවීම)

මාගලක් විතර දිග ලිපි පෙලින් අද කියන්න හැදුවේ මෝටර් සයිකලයක් ලංකාවට ආනයනය කරන විදිහ. හැබැයි මම මෙතන උඩ සඳහන් කරපු විදියට එංජින් ධාරිතාවය 350 දක්වා පමණයි කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ. එතනින් එහාට බයික් තිබ්බට ඒව ගේන එක නීතිවිරෝධී නිසා හා නීතිවිරෝධී මාර්ග වලින් නිසා හොරවැඩ කරන්න හා උගන්න මගේ මනාපයක් නැහැ. ඒ නිසා බහුතර අයට සේවයක් විදිහට ඉදිරිපත් කරන්නම්. කලින් ලිපි දෙකටම හොද ප්‍රතිචාර වගේම විවිධ ඉල්ලීම් තිබුනත් පෙලින් පෙල ක්‍රමාණුකූලව කියල දෙන්නම් එක එක වාහන වර්ගය ගැන වෙලාව ලැබෙන විදියට . එතකන් ඉතිං පොඩ්ඩක් ඉවසලා ඉමු.

බයික් කිව්වාම ඉතිං ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ . බයික් කියන්නේ ලංකාවෙ කොල්ලන්ගෙ ආගමක්. 
මෙතනින් ආනයනය ක්‍රියාවලිය ලිපි පෙල බලන පාඨකයෝ වෙත කස්ටම් ටැරිෆ් එක කියවන හැටි කියල දෙන්න හිතුවා. ඒක මගේ ලිපිපෙලට පහසුවක් වේවි කියල හිතන් නිසා.
දෙවැනි පොටෝ එකේ තියෙන්නෙ කස්ටම් ටැරිෆ් එකේ එක පිටුවක්. ටැරිෆ් එක ඒ කියන්නේ රේගුවේ බයිබලේ කිව්වොත් හරි. එච්චරට වැදගත්.
ගොඩක් අය අහල තිබ්බ නිසා ආය කියන්නම් ගූගල් එකේ ශ්‍රී ලංකා කස්ටම් ටැරිෆ් කියල ගැහුවනම් නොමිලේම ඒක් බාගන්න පුලුවන් ඒකෙත් ඉතින් මුලම් ටික ඕනෙත් නෑ ඒ කියන්නේ ජීවී හා අජීවී සතුන් හා ශාක එහෙම කොටස  යකඩ එක්ක ඔට්ටු වෙන අපිට මොකටද.
චැප්ටර් 87 හෙවත් H.S. වර්ගීකරණ 87 යටතේ තමා සියළුම රථ වාහන හා අමතර කොටස් තියෙන්නෙ . මෝටර් සයිකල් එතනින් අයිති වෙන්නෙ එතනින් 87.11 කොටසට. ඔව් 87 යටතේ ගොඩක් අනු කොටස් තියෙනව 87.1 න් පටන් ගන්නෙ නැතිව එකපාර 87.11 මෝටර් බයිසිකල් ගැන කියන්න ආවේ ඒක ගොඩක් අය අහපු නිසා හා ඒක පැහැදිලි කරන්න කෙටියෙන් පුලුවන් නිසා.
කෝකටත් මේක කියවන්න කලින් ආපහු දෙවැනි පොටෝ එක බලල කියවලා අවනම් ඉතුරු වැඩ ටික පහසුවෙයි.

දෙවැනි පොටෝ එකේ උඩම නිල් පාටින් තියෙන්නෙ වර්ගීකරණය 
ඒකෙත් අනු කොටස් පුලුවන් දකින්න එක එක අංග වලට.

එක එක අනු අංක වලට කියවගෙන යනකොට තේරයි එන්ජින් ධාරිතාවය අනුව වෙනස් වෙනව කියල.

එතකොට ඒක හරි. හැම වර්ගීකරණක් එක්කම යටින් තව එකක් තියෙනව අවුරුදු 3 අඩු හා  වැඩි කියල

ඊලගට තීරුවේ තියෙනව U අකුරක් ඒකෙන් කියන්නෙ බදු අයකරන්නෙ යුනිට් ගානට ඒකක ගානට කියන එක. සිංහකෙන් කිව්වොත් කෑලි ගානට කියන එක.

එතකොට ඊලගට තියෙන තීරුවේ තියෙනව අවුරුදු 3ට වැඩි ඒවට L අකුරක්. ඒ කියන්නේ අවුරුදු 3 ට අඩුනම් විතරයි නිදහස් ආනයනය කරන්නව අවසර තියෙන්නෙ . අවුරුදු 3  ට වැඩි නම් Licence ගන්න ඕනි කියන එක. දැන් කවුරුත් දන්නව ආනයනය කරන්න ලයිසන් දෙන්නෙ ආනයන අපනයන පාලක කියලා .එතකොට පුතේ නිශ්පාදිත ද දවසෙ ඉඳන් දවසේ ඉදන් කිව්වට හරියටම ගන්නෙ මුල් ලියාපදිංචි කරපු මාසය ඉදන් අවුරුදු 3 ට වැඩි නම් අනිවාර්යෙන් ලයිසන් එකක් ගන්න ඕනේ.ඒක ටිකක් දුෂ්කර කාර්යයක් හින්දා අවුරුදු 3 ට වැඩි නම් අතෑරලා දාන එක හොඳයි . 
ඕනි නම් මම කියන්නං අවුරුදු තුනට වැඩි බයිසිකල් වුණත් අවුරුදු තුනට අඩුයි කියලා ලිපි ලේඛන හදලා ලංකාවට නොගෙන එනවා නෙවෙයි. ඒ කියන්නේ දැන් ලිපි ලේඛන හරියට තියෙනවා නං අවුරුු තුනට අඩුයි කියලා ඉතින් කාටවත් මොකුත් කරන්න බෑ . දන්නෝ දනිති ඒ හින්ද ඉතින් වැඩිය විස්තර කියන්න බෑ . පොතේ අවුරුද්ද විතරයි වැදගත් වෙන්නේ 

අවුරුදු තුනට අඩු නම් ලයිසන් ඕන වෙන්නේ නැහැ 

දැන් එතකොට ඕන කෙනෙකුට තේරෙයි වාහන නැේ නැත්නම් මෝටර් සයිකල් එකේ වයස තහවුරු කරන්න පුළුවන් සහතිකයක් අපි ඉදිරිපත් කරන්න ඕනි කියලා ගොඩක් වෙලාවට ඉදිරිපත් ඉදිරිපත් කරන්නේ ඒ බයිසිකලේ වෙන රටක ලියාපදිංචි කරලා තිබුන නම් තිබුන නම් ඒ ගැන නම්බර් ප්ලේට් එකක් තිබ්බනං ඒක කැන්සල් කරපු ලිපි ලේඛන තමයි ඉදිරිපත් කරන්න .
නැත්නම් ඉතින් අර  වාහනය පටවන කෙනාගෙන් ගන්න ඉන්න invoice  එක ඒ රටේ chamber of commerce එකට ඉදිරිපත් කරල ගන්න cetificate of origin. සහතිකය තියෙන්න ඕන. මොකද ඒවා නැත්තං ගොඩක් දුරට හොරකම් කරපු එකක් වෙන්න පුළුවන් ඒ රටෙන.
 තව invoice  එක හා ඒක බැංකුවෙන් සහ සහතික කරල තියෙන ඕන.
හොදම වැඩේ බයිසිකලයක් ගන්නවනම් පිටරටකදී ඒක ගන්න කෙනාටම කිව්වනම් හරි කිව්වා නං හරි මේකේ number plate එක cancel කරලා දෙන්න කියලා ඒක තමයි සාර්ථකම ක්‍රමය එතකොට ආයේ ඔය ආයතන වටේ ගිහිල්ලා ඇවිදලා රස්තියාදු වෙන්න ඕන වෙන්නේ නෑ .
මීළඟට LCL  ක්‍රමයට  ඕනනං shipping line එකකට ගිහිල්ලා less than container load ක්‍රමයට මිල ගණන් ගනන් shipping line කීපයකින් අහ බලල තීරණය කර ගන්න පුළුවන් එතනදි මතක් කරලා අහන්න පැකින් ගැන මොකද ඩොලර්වලින් ගනුදෙනු වෙන හින්දා පැකින් වලට ලොකු මුදලක් අය කරන්න පුළුවන් පිටරට ඉන්න අයට ඉතිං ඔය පෙට්ටියක් ටිකක් ගහලා හදාගන්න එක ලොකු වැඩක් නෙමෙයිනේ ඒ වගේ ඒ වගේම බයිසිකලයක් පෙට්ටියකට දානවනං ආයේ ඉතිං කියන්න කියලා දෙන්න දෙයක් නෑනෙ සයිඩ් කන්නාඩි ඕනනං හෙඩ් ලයිට් එහෙම ඕන්නං ගලවලා වෙනම  වෙනම දාන්නත් පුළුවන් එතකොට ඉඩ ටිකක් ඉතුරු වෙනවා නේ ඩොලර් වලින් ගෙවනකොට ඉතිං අඟලටත් හරි ගෙවන්න වෙනවා.
ඊළඟට ඒ නැව් සමාගමට මුදල් කියවපු කියවපු inVoice එකක් මේ ලිපි ලේඛන වලටම අමුණන්න ඕනේ 

දැන් ඉතින් ආපහු  ටැරිෆ්  කොලේ පැත්තට.

ඊළඟ තීරුවලින් තියෙන්නේ තියෙන්නෙ ප්‍රතිශතයක් විදිහට  අය කරන බදු ප්‍රමාණය 

තීරු දෙකේම එකතුව තමයි හරිම රෝහණයේ ගැන දළ වශයෙන් 5.5 ක් වගේ සීයට

අන්තිම තීරුවේ තියෙන්නෙ එන්ජින් ධාරිතාව අනුව අය කරන  කරන ප්‍රමාණය එතකොට අවුරුදු 3ට අඩු නම්  සී.සී එකකට කීයද  කියල ටක්කෙටම දැන ගන්න පුළුවන්. ඒ වගේම අවුරුදු තුනට  තුනට වැඩි නම් සමහර වෙලාවට ඒකක ගානටත් මුදලක් අය කරනවා 

උදාහරණයක් විදිහට road මාස්ටර් බයික් එකක් ගත්තොත් ඒකෙ CC එක තියෙන්නෙ 248.එතකොට ඒක අයිති වෙන්නෙ  8711.20.30 වර්ගීකරණයට. ඒ කියන්නේ  INVOICE වටිනාකමින් සියයට 5.5 ක් බදු විදිහටත් cubic capacity එක 248 ට රුපියල් 1,725 /-ගානෙ ගෙවන්න ඕන. එතකොට ඒක අවුරුදු 3 ට වැඩි නම් ආනයන අපනයන බලපත්‍ර අරගෙන බදු විදිහට ලක්ෂ තුනකුත් ගෙවන්න ඕනේ.
මට සයිකල් අයිති වෙන්නේ  CC පනහේ ඉඳන් CC 200 වෙන කොට්ඨාසයට ඒ කියන්නේ  රේගු වර්ගීකරණය අනුව 8711.20.10 එතකොට බදු විදිහට විදිහට අර මුලින්ම න කිව්වා වගේ සීයට 5.5% පහකුත් බදු මුදල් හා එන්ජින් ධාරිතාව අනුව රුපියල් එක්දහස් එකසිය පනහක් (1150) ගානෙ ගෙවන්න ඕන 

ඔය විදිහට ඔයාලට ඕන මෝටර් සයිකලයක බදු එන්නේ් එක බදු එන්නේ කීයද කියන එක සරලව අර කොලේ බලාගෙන හදන්න පුළුවන් CC එක එන්ජින් ධාරිතාව දන්නව නං කිසිම ප්‍රශ්නයක් නැතුව උදව්වක් නැතුව බදු මුදල කීයද කියල දැන ගන්න පුළුවන්.

අනික කස්ටම් එකේ බදු අය කරන්නේ අය කරන්නේ CIF VALUE  එකට
ඒ කියන්නේ cost insurance and freight.
සරලව කිව්වොත් වටිනාකම රක්ෂණය සහ නැව් ගාස්තුව ඒ තුනේ එකතුව.
පෝස්ට් එක කෙටි වුණත් හැමෝටම තේරුනා කියලා හිතනවා මොනදේ තිබුන දේ තිබුණත් අර මම මුලින් කිව්වා වගේ import එකක් කරන්න ලෑස්ති වෙනවා නම් කාගෙන් හරි අහලා ඒත් ඊට අදාල වාප්පු ලිපිකරුවෙකු සම්බන්ධ කරගෙන වැඩේ කරනවා නම් වැඩේ තවත් ලේසියි

No comments:

Post a Comment